brand logo
logo
අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

12 September 2026 | සාලිය කුමාර ගුණසේකර

ඉකුත් අගෝස්තු මාසය තුළදී මෙරට තුළ සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන ලද ග්‍රාහක සංඛ්‍යාව මිලියන 103 ක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.


මෙරට ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂයක් වූවත්, සමාජ මාධ්‍ය පරිහරණය කරන සංඛ්‍යාව මෙලෙස ඉහළ අගයක් ගෙන ඇත්තේ එකම පුද්ගලයා විසින් දිනකට තුන් හතර වතාවක් සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කිරීම නිසා බවද එම කොමිෂන් සභාව කියයි.


අගෝස්තු මාසයේදී පමණක් ෆේස් බුක් සමාජ ජාලය පරිශීලනය කර ඇති සංඛ්‍යාව මිලියන 16 කි.

සමාජ මාධ්‍ය පරිශීලනය සඳහා ඉකුත් අගෝස්තු මාසයේදී ටෙරා බයිට් 35,000 ක ප්‍රමාණයක් භාවිත කර තිබේ.


මෙරට තුළ ජංගම දුරකථන මිලියන 24 කට වැඩි ප්‍රමාණයක්ද, ස්ථාවර දුරකථන ග්‍රාහකයන් මිලියන දෙකකට වැඩි සංඛ්‍යාවක්ද සිටින බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් පැවසීය.

 

More News..