බන්ධනාගාරගතව සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට
12 November 2026
බන්ධනාගාරගතව සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට
12 November 2026
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු වන සුනිල් සෙනෙවිරත්න මහතා හදිසි අසනීප තත්ත්වයකින් මියගොස් තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලේතැන්න සඳහන් කර ඇත්තේ, ඊයේ (11) රාත්‍රීයේ ඔහු බන්ධනාගාරය තුළ දී මිය ගොස් ඇති බවය.
කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුනිල් සෙනෙවිරත්න මහතා මියයන විට 78 වන වියේ පසුවුණි.


