roadBlockAd
brand logo
logo
  ලෝකයේ දිගම කේබල් පාලම ඉදි කිරීමට අනුමැතිය

ලෝකයේ දිගම කේබල් පාලම ඉදි කිරීමට අනුමැතිය

07 August 2025


ඉතාලිය සහ සිසිලි දූපත යා කරමින් නව පාලමක් ඉදි කිරීමට ඉතාලි රජයේ අනුමැතිය හිමිව තිබේ.


මෙම ඉතාලියට අයත් වුවත් සිසිලි දුපත් පාලනය වන්නේ වෙනම පලනධිකාරියක් යටතේ ය.


සිසිලි දුපත තියෙන්නේ ඉතාලියට පහලින් වන අතර ඔවුන් වෙන් වන්නේ මෙසීනා සමුද්‍ර සන්ධියෙනි.


අවුරුදු ගණනක සිට මෙසීනා සමුද්‍ර සන්ධිය හරහා පාලමක් ඉදිකරිමට ඉතාලියට අවශ්‍ය විය.


නමුත් භුමි කම්පා සහ සාගරයටත්, පරිසර පද්ධතියටත් විය හැකි හානිය නිසා විවිධ පාර්ශවවලින් මෙම ව්‍යාපෘතියට එල්ල වූයේ දැඩි වීරෝධයකි.


කෙසේ නමුත් මේ සඳහා ඉතාලි රජයේ අනුමැතිය ඊයේ හිමීවිය.


මෙම පාලම නිර්මාණය වීම සඳහා වැයවෙන මුදල ඩොලර් බිලියන 15කටත් අධික බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ව්‍යාපෘතිය 2032 වසරේ නිම කිරීමට සැළසුම් කර ඇති බවයි


ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මෙම පාලම ලෝකයේ දිගම කේබල් පාලම බවට පත්වීමට නියමිතව තිබේ.

 

More News..