brand logo
logo
 නේපාල ඛේදවාචකය ගැන ඇමති විජිතගෙන් X සටහනක්

නේපාල ඛේදවාචකය ගැන ඇමති විජිතගෙන් X සටහනක්

26 August 2026


නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය කනගාටුව පළ කර තිබේ.


සිය X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත් සියලු දෙනාට සහ එම දුෂ්කර මොහොතට මුහුණ දී සිටින පවුල් සහ ප්‍රජාවන් වෙත සිය සංවේගය ප්‍රකාශ කරන බවය.


එමෙන්ම, ව්‍යසන තත්ත්වය හමුවේ සහන සහ ගැලවීමේ මෙහෙයුම්වල නිරතව සිටින නේපාල බලධාරීන්ගේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල කැපවීම ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අගය කර තිබේ.


නේපාල රජයට සහ ජනතාවට මෙම අභියෝගාත්මක කාලසීමාව ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.


 

More News..