මොරටුවේ වෙඩි තැබීමක්
20 October 2026
මොරටුවේ වෙඩි තැබීමක්
20 October 2026
මොරටුව ගල්කිස්ස සොයිසාපුර ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
අද (20) රාත්රී 8.20ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇත්තේ එහි හිමිකරු බවද වාර්තා වේ.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

