නොවැම්බරයේ සිට වැඩ 8කට TIN සහතිකය ඕනෑ
26 September 2026 | සාලිය කුමාර ගුණසේකර
නොවැම්බරයේ සිට වැඩ 8කට TIN සහතිකය ඕනෑ
26 September 2026 | සාලිය කුමාර ගුණසේකර
බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම ණය කාඩ්පතක් (Credit Card) ලබාගැනීම ඇතුළු කාර්යන් අටක් සඳහා නොවැම්බර් මස 01 වැනිදා සිට TIN සහතිකය (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය) ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදුකරන විට ටින් (TIN) සහතිකය ඉදිරිපත් කළ යුතුය.
2024 වසරේ ජනවාරි 01 වැනිදා හෝ එදිනට වයස අවුරුදු 18 ට එළැඹුනු වාසික පුද්ගලයන් (එම වයසට එළැඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම අනිවාර්ය වේ.
දැනට TIN අංකයක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන සෑම පුද්ගලයකුටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම අංකය නිකුත් කෙරේ.
දැනය TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව හරහා ටින් අංකයක් ඉල්ලුම් කළ හැකිය.

