brand logo
logo
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි

23 October 2025

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.


ලසන්ත වික්‍රමසේකර මහතා ප්‍රාදේශීය සභාවේ පැවැති මහජන දිනයට එක්ව සිටියදී ගැටලුවක් ගැන පැවසීමට යැයි කියමින් සභාපති කාර්යාලයට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඔහුට වෙඩි තබා තිබිණි.


ඊයේ (22 වැනිදා) පෙරවරු 10.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් සභාපතිවරයාගේ හිසට, ගෙලට හා මුහුණට වෙඩි ප්‍රහාර එල්ල වී තිබිණි. ‍තුවාල ලත් සභාපතිවරයා වහාම මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව වැලිගම පොලිසිය සඳහන් කළේය.


මේ අතර තමාට රොටුබ අමිල, කෙහෙල්බද්දර පද්මේ, පානදුරේ නිලංග, කංජිපානි ඉම්රාන් සහ මිදිගම රුවන් යන පාතාල සාමාජිකයන් රැසකගෙන් තර්ජන ඇති බවට මෙම සභාපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් සහිතවම පැමිණිලි කර ඇත්තේ පසුගිය අගෝස්තු 29 වැනිදාය. තවද මෙම ඝාතනය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන්ගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

More News..