Best News Website award
brand logo
logo
AFP පුවත් සේවයට සයිබර් ප්‍රහාරයක්

AFP පුවත් සේවයට සයිබර් ප්‍රහාරයක්

27 November 2026

ජාත්‍යන්තර පුවත් සේවයක් වන Agence France-Presse (AFP) ආයතනයේ AFP Forum අන්තර්ගත වේදිකාව සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් තාවකාලිකව අක්‍රිය කර තිබේ.


එම ආයතනයේ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත.


AFP Forum යනු එම පුවත් සේවයේ ගනුදෙනුකරුවන්ට පුවත් අන්තර්ගතයන් පිරික්සීමට සහ බාගත කර ගැනීමට පහසුකම් සලසන වේදිකාවකි.


කෙසේවෙතත් ප්‍රහාරය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස AFP Forum වේදිකාව අක්‍රිය කිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.


ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු එම වේදිකාව භාවිත කළ නොහැකි බව AFP කළමනාකාරීත්වය සඳහන් කර ඇත.


වේදිකාව අක්‍රියව පවතින කාලය තුළ සිය ග්‍රාහකයන්ට අවශ්‍ය පුවත් අන්තර්ගතයන් ලබාගැනීම සඳහා විකල්ප ක්‍රමවේද සපයන බව ද එම ආයතනය වැඩිදුරටත් පවසා තිබේ.

 

More News..