2027 IPL වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6ක් සංචිතවලින් ඉවතට
18 November 2026
2027 IPL වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6ක් සංචිතවලින් ඉවතට
18 November 2026
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ.
ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයින් අතරට අයත් වේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දසුන් ශානක, ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් විසින් තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව, දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ද, ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ද, නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ද රඳවාගෙන ඇත.


