brand logo
logo
මැතිවරණ පනත්වල අඩුපාඩු සොයන්න කමිටුවක්

මැතිවරණ පනත්වල අඩුපාඩු සොයන්න කමිටුවක්

18 April 2026 | සාලිය කුමාර ගුණසේකර


මැතිවරණ පනත්වල පවතින අඩුපාඩු සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කමිටුවක් පිහිටුවා ඇත.


ජනාධිපතිවරණ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ පනත යන පනත්වල අඩුපාඩු රැසක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.


මැතිවරණ පනත්වල පවතින ගැටලු සම්බන්ධව කමිටුව විසින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කැඳවා ඔවුන්ගේ යෝජනා ලබාගැනීමටද කටයුතු යොදා තිබේ.


මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධවද මෙහිදී සමාලෝචනය කරන බවද සභාපතිවරයා පැවසීය.


ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් කරන ලද පර්යේෂණය එළිදැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වැඩසටහනේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.


 

More News..