ටොන් 25,000ක පොහොර නැවක් හෙට දිවයිනට
04 April 2026
ටොන් 25,000ක පොහොර නැවක් හෙට දිවයිනට
04 April 2026
හෙට (05) දිනයේ ටොන් 25,000ක පොහොර රැගත් නැවක් දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රට තුළ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ පවතින බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අතුරු බෝග සහ අතිරේක වගාවන් සැලකිල්ලට ගත් විට, තවදුරටත් අවශ්‍යතාවයක් ඇති විය හැකි බැවින්, එය සපුරාලීම සඳහා එන පස්වෙනිදා ටොන් 25,000ක පොහොර රැගත් නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, තවත් පොහොර නැව් ඉදිරියේදී ගෙන්වීමට ඇනවුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
"යල කන්න නැවත ආරම්භ වෙමින් පවතිනවා. එතනදි පොහොර පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ පවතින ලෝක යුද තත්ත්වයත් සමග. ඒ අනුව, අත්තටම අපි ගොවි ජනතාවට කියන්නේ අපිට පොහොරවල ලොකු ගැටලුවක් එන්නේ නෑ. අපිට මේක කලමනාකරණය කරගන්න පුළුවන්.රට තුළ මඩ පොහොර අපේ අවශ්‍යතාවය ඉක්මවා තියෙනවා. බණ්ඩි පොහොරත් අවශ්‍යතාවය ඉක්මවා රට තුළ තියෙනවා. යුරියාවල තමයි ප්‍රශ්නයක් එනවානම් එන්න තිබුණේ. හැබැයි යුරියා ටොන් ලක්ෂයක ප්‍රමාණයක් තියෙනවා. වී වාගවට අපට අවශ්‍ය වෙන්නේ ටොන් 80,000ක් විතර. අතුරු බෝග සහ අතිරේක බෝග එක්ක කල්පනා කරනකොට මේ පොහොර ප්‍රමාණය ඇත්තටම මදි වෙනවා. ඒ නිසා ඒකට විකල්පයක් විදිහට එන පස් වෙනිදා වෙනකොට අපිට තවත් ටොන් 25000ක පොහොර නැවක් එන්න නියමිතයි. ඇනවුම් කරපු තවත් පොහොර නැවක් ඊළඟ වටයකින් එන්න නියමිතයි."

