ශ්‍රී ලංකාව බේරාගැනීමට මිලාන් හුදකලා සටනක
20 November 2026
ශ්‍රී ලංකාව බේරාගැනීමට මිලාන් හුදකලා සටනක
20 November 2026
පාකිස්තානය සනග පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ 3 වැනි දිනය ඊයේ (19 වැනිදා) නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 309ක් රැස් කරගෙන සිටියේය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 81ක් ඉදිරියෙන් වූ අතර මේ වන විට අසිත ප්‍රනාන්දු සමග පිතිකරණයේ යෙදෙන මිලාන් රත්නායක නොදැවී ලකුණු 60ක් රැස් කරගෙන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි.
දිනය ආරම්භ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 74ක් රැස් කරගෙන සිටි අතර දිනයේ පළමු කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 37කට දැවී ගිය අතර අනතුරුව පසින්ඳු සූරියබණ්ඩාර ලකුණු 38කට දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 134ක් ලෙස දැක්විණි. ඉන් අනතුරුව නායක කුසල් මෙන්ඩිස් සමගින් සොනාල් දිනූෂ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවක් ගොඩ නැගූහ. ඔවුන්ගෙන් කුසල් ලකුණු 53කටත්, මුළු ලකුණු 268දී 7 වැනි කඩුල්ල ලෙස සොනාල් ලකුණු 54කටත් දැවී යද්දී ඉතිරිව සිටි එකම පිතිකරණ හැකියාවැති ක්‍රීඩකයා වූ මිලාන් රත්නායක රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 36කි. එතැන් පටන් පිතිකරණ හැකියාව අවම අවසන් පෙළ ක්‍රීඩකයන් සමග ඉනිම දියත් කළ මිලාන් දිනය නිමා වන විට ඉනිමට තවත් ලකුණු 41ක් එක් කිරීමට සමත් වූයේ එයින් ලකුණු 24ක්ම තම පිත්තෙන් එකතු කරමිනි. සෙසු පිතිකරුවන්ගෙන් ඊට ලැබුණේ ලකුණු 8ක සහයක් පමණි. ඉතිරි 9ම අතිරේක ලකුණු විය. ඔහු සිය ඉනිම තුළ හතරේ පහර 11ක් එල්ල කළේය.
දිනයේ දැවී ගිය කඩුලුවලින් බහුතරයක් දුර්වල පන්දුවලට එල්ල කළ අනවශ්‍ය පහරවල් වීම විශේෂත්වයකි. අද (20 වැනිදා) තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතය.


