ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන කොමිසමේ කටයුතු අද ඇරඹෙයි
22 April 2026
ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන කොමිසමේ කටයුතු අද ඇරඹෙයි
22 April 2026
මෙරට සිදුවූ සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු අද ආරම්භ කෙරේ.
එහි කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ, කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ ය.
මෙරට සිදුවු සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පසුගියදා පත් කෙරිණ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.
කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්නත් පත් කර තිබේ.
කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් පී.වී. බන්දුලසේනයි.
මෙරට ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වැනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සීමාසහිත ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම එකී කොමිසමේ ප්‍රධාන කාර්ය වේ.

