උසස් පෙළ විභාගයේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම්පත් කැඳවයි
23 June 2026
උසස් පෙළ විභාගයේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම්පත් කැඳවයි
23 June 2026
රජයේ හා පෞද්ගලික පාසල්වල 12 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ්‍ය (GIT) විභාගය 2026 සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ එම අයදුම්පත් ඊයේ (22) දින සිට එළැඹෙන මස 16 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවය.
ඒ අනුව සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති / පාසල් ප්‍රධානීන් මගින් අයදුම්පත් යොමු කිරීම සිදුකළ යුතු අතර විදුහල්පතිවරුන් / පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගතක ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමුකළ යුතු වේ.
එමෙන්ම මේ සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
මෙම විභාගය සඳහා රජයේ හා පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් මේ සඳහා අයදුම් කළ යුතු අතර එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් දැනුම් දී තිබේ.
මෙම විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ 2026 වසරේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 2027 වසරේ උසස් පෙළ විභාගය සඳහා පළමුවර පෙනී සිටීමට නියමිත සිසුන්ගේ අයදුම්පත් වන අතර පෞද්ගලික පාසල් සිසුන්ගේ තොරතුරු සියමු තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව ගාස්තු ගෙවීම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
එමෙන්ම ගාස්තු ගෙවීම් කිරීමෙන් පසු නැවත සිසුන් ඇතුළත් කළ නොහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
මේ සම්බන්ධව කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 011 2784537, 0112786616, 0112784208 යන දුරකථන ඇමතීමෙන් ලබා ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.

