මැලිබන් සමාගම රන් සම්මානයක් ඇතුළුව සම්මාන 5කින් පිදුම් ලබයි
31 August 2025
මැලිබන් සමාගම රන් සම්මානයක් ඇතුළුව සම්මාන 5කින් පිදුම් ලබයි
31 August 2025
මැලිබන් සමාගම පසුගියදා පැවති ‘Dragons of Sri Lanka Awards 2025’ හිදී රන් සම්මානයක්, රිදී සම්මානයක් සහ Black Dragons සම්මාන 3 ක් දිනාගැනීමට සමත් විය. මැලිබන් සමාගම මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම මෙම ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. Dragons of Asia ජාලයේ කොටසක් ලෙස පවත්වනු ලබන Dragons of Sri Lanka සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම නිර්මාණශීලී අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක් වේ.
වසර 70 කට අධික උරුමයක් සහිත මැලිබන් සමාගම මෙරට මෙන්ම විදේශයන්හිද විශාල ජනප්‍රියත්වයක් දිනා සිටී. පසුගිය කාලය තුළ විවිධ අංශ තුළින් මෙබඳු ජයග්‍රහණ වාර්තා කිරීමට මැලිබන් සමත් විය. නිර්මාණශීලීත්වයේ බලය සම්බන්ධයෙන් කවදත් විශ්වාසය තබා ඇති මැලිබන්, තම අලෙවිකරණ හා ප්‍රචාරණ කටයුතුවලදී ආයතනික වටිනාකම් මූලික කරගනිමින් සම්මතයන්ට අභියෝග කරන නව්‍ය නිර්මාණ සිදුකිරීමට සෑම විටම උත්සාහ දරයි.
සිය දශක 7 ක ඉතිහාසය පුරාම මෙරට පාරිභෝගිකයන්ගේ මුවග රැඳුණු නාමයක් වූ මැලිබන්, පරපුරෙන් පරපුරට වෙනස් වන රුචිකත්වයන් අනුව තම නිෂ්පාදන මෙන්ම සන්නාම අනන්‍යතාවද වැඩිදියුණු කරගැනීමට පියවර ගෙන තිබේ. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මැලිබන් තම නිෂ්පාදන කටයුතු සඳහා නිරන්තරයෙන් නවෝත්පාදනයන් භාවිතයට ගෙන ඇති අතර, ප්‍රචාරණ කටයුතු සඳහා පාරිභෝගිකයන්ගේ හදවත්වලට සමීප ආකර්ෂණීය සන්නිවේදන රටාවන් භාවිතා කර ඇත.
“මෙම සම්මාන පුරෝගාමී අදහස් සාර්ථක නිර්මාණ බවට පත් කළ විට කෙතරම් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත හැකිද යන්නට මනා සාක්ෂියක්. සන්නාමයක් වශයෙන් මැලිබන් අතීතයේ පටන්ම නිර්මාණශීලීත්වයට හා නවෝත්පාදනයට මුල් තැන දී කටයුතු කර තිබෙනවා. Dragons of Sri Lanka සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදී මෙලෙස සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්. එය නිර්මාණශීලීතත්වයේ හා සහයෝගීත්වයේ බලය සම්බන්ධයෙන් අප තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරනවා.” මැලිබන් සමූහ ව්‍යාපාරයේ සමූහ ආයතනික සන්නිවේදන ප්‍රධානී පෝසිත පෙරේරා මහතා පැවසීය.
මෙම ජයග්‍රහණ වෙනුවෙන් මැලිබන් සමාගම තම දැන්වීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා සහය වන MullenLowe, LoweActive, Ogilvy Media සහ ArtsLab යන සමාගම්වලට තම හෘදයාංගම ස්තූතිය පළකර සිටී. මෙම ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතුවලදී අදාළ මූලික පණිවිඩ මැනැවින් සමාජගත කරන අතරම පාරිභෝගිකයන්ගේ මතකයන් තුළ සදා රැඳෙන ආකාරයට එම වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා එම සමාගම් ලබාදෙන දායකත්වය සුවිශාලය.
මැලිබන් යනු හුදෙක් බිස්කට් නිෂ්පාදන සමාගමක් පමණක් නොවේ. එය දීර්ඝකාලීන උරුමයක ගුණාත්මක වටිනාකම් කැටිකොටගත් ශ්‍රී ලාංකීය සන්නාමයකි. තමන් වසර 70 කට අධික කාලයක් පුරා පවත්වාගෙන ආ එම උරුමය තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත පාරිභෝගික පරම්පරාවන්ටද මැලිබන් යහගුණය උරුම කර දීම මැලිබන් සමාගමේ අරමුණ වී තිබේ.