දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ අවදානමක්
26 November 2026
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ අවදානමක්
26 November 2026
දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 29 වැනිදා පමණ වනවිට පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (26) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එහි බලපෑමෙන් නොවැම්බර් 30 වැනිදා වනවිට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය, අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශ සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩ පවතින බවයි.
එමෙන්ම, දෙසැම්බර් 2 වැනිදා පමණ වනවිට මෙම පද්ධතිය ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, අද දිනට ලැබී ඇති කාලගුණ දත්ත මත පදනම්ව ඉදිරි පැය 168ක කාලය තුළ මෙම පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී.
මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


