මත් සැකකරුවෝ 828ක් අත්අඩංගුවට
12 September 2026
මත් සැකකරුවෝ 828ක් අත්අඩංගුවට
12 September 2026
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 828 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, දිවයින පුරා සිදු කළ මෙහෙයුම් 828ක දීය.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
තවත් සිව් දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
දිවයින පුරා ඊයේ (11) දින සිදු කළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 468ක්, අයිස් ග්‍රෑම් 542ක්, ගංජා කිලෝග්‍රෑම් 114යි ග්‍රෑම් 929ක් පොලිස් භාරයට ගෙන ඇත.

