පුත්තලම - අනුරාධපුර මාර්ගයේ බස් රථයක් පෙරළෙයි – 12 දෙනෙකු රෝහලට
17 October 2026
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ බස් රථයක් පෙරළෙයි – 12 දෙනෙකු රෝහලට
17 October 2026
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී ඊයේ (16) රාත්රියේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව තිබේ.
කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවන් 7ක්, දැරියක් හා පිරිමි පුද්ගලයින් සිවුදෙනෙකු සුළු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.
බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාද තුවාලකරුවන් අතර සිටින බව පොලීසිය පැවසීය.
පුත්තලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

