GIT විභාගයට සිසුන් නැතිව කෝටි 9ක් වතුරේ
31 August 2026 | අනීෂා මානගේ
GIT විභාගයට සිසුන් නැතිව කෝටි 9ක් වතුරේ
31 August 2026 | අනීෂා මානගේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කළද සිසුන් සැලකිය යුතු පිරිසක් විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රුපියල් කෝටි නවයකට අධික මුදලක් අපතේ ගොස් ඇතැයි අනාවරණය වේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ මේ බව සඳහන් වේ.
2019 සිට 2024 දක්වා කාලසීමාවේදී වර්ෂ හයක් සඳහා අවස්ථා තුනකදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය පවත්වා ඇත. එම විභාගය අවස්ථා තුනකදී පවත්වා ඇති අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 36ක් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට ඉල්ලුම් කර තිබී නැත. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂයට ඉල්ලුම් කළ සිසුන්ගෙන් සියයට 42ක් එම විභාගයට පැමිණ නැත. මෙම විභාගය පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 507ක් වැය කළද අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව අනාවරණය වී තිබේ. ඇගයීම් වියදම් හැර විභාගය පැවැත්වූ අවස්ථා තුනෙහි විභාග වියදම රුපියල් විසිඑකයි දශය හයයි පහක් වී ඇති අතර විභාගයට අයැදුම් කර පෙනී නොසිටි සිසුන් තුන් ලක්ෂ හැත්තෑහත්දහස් අටසිය දාසයක් වූ සිසුන් වෙනුවෙන් රුපියල් කෝටි නවයයි දශම එකක මුදලක් නිෂ්කාර්යව වැය කර ඇති බව අනාවරණය වේ.

