යන්ත්‍රයක් පැලඳීම ගිය ගුරුවරියට කපුවා ලිංගික අතවර කරයි
21 March 2024 | ඒ.ඒ. පේමසිරි - තිස්සමහරාම
යන්ත්‍රයක් පැලඳීම ගිය ගුරුවරියට කපුවා ලිංගික අතවර කරයි
21 March 2024 | ඒ.ඒ. පේමසිරි - තිස්සමහරාම
අපලයකට යන්ත්‍රයක් පැලඳීම සඳහා යැයි පවසා වැල්ලවාය ප්‍රදේශයේ පාසලක සේවය කරන තිස්හත් හැවිරිදි ගුරුවරියක් තිස්සමහරාම දෙබරවැව හෝටලයකට රැගෙනවිත් රැය පහන්වන තුරු අවස්ථා කිහිපයකදී එම ගුරුවරිය ලිංගික අතවරයට ලක්කළ කපුවකු අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහරාම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අතවරයට පත් ගුරුවරිය සැකකාර කපුවාගෙන් බේරි ඊයේ (20 ) පාන්දර ජනේලයෙන් පැන යෑමට උත්සාහ කිරීමේදී උඩු මහලින් පහළට ඇද වැටී සිටියදී හෝටල් හිමිකරු දැක ඇය තිස්සමහරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර ලබා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබේ.
සෙවණගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතවරයට පත් ගුරුවරිය සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගන්නා ලද මහියංගණය, පන්තියගම, වේවත්ත පදිංචිකරුවකු වූ කේ. සුගත් හේමන්ත නමැති කපුවකු සමග දුරකථනය ඔස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. එහිදී එම ගුරිවරියට ඇතැයි කියන අපලයකට යන්ත්‍රයක් ජපකර දැමීමට කතාකර ගැනීම සඳහා තිස්සමහරාම බස් නැවැතුම්පොළේදී හමුවන ලෙස කපුවා ගුරුවරියට දන්වා තිබේ.
ඒ අනුව 19 දින සවස තිස්සමහරාම බස් නැවැතුම්පොළේදි ගුරුවරිය හමුවීමෙන් පසු ඇය තිස්සමහරාම දෙබරවැව හෝටලයට රැගෙන ගොස් යන්ත්‍රය පලඳවන්න යැයි පවසා ඇයගේ කර බැඳි රන් මාලයද ගලවාගෙන අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්කර තිබේ. අලුයම කපුවාට නින්ද යෑමෙන් පසු ඇය ඔහුගෙන් බේරී පලා යෑමට උත්සාහ කිරීමේදී උඩ මහලින් පහළට වැටී ඇත, අවදි වී බලන විට ගුරුවරිය කාමරය නොමැති බව දැනගත් කපුවා තම බිරිඳ පැනගොස් ඇති බව හෝටල් හිමියාට පවසා කාමර කුලිය ගෙවා හෝටල් භාරයට ගෙන තිබූ තම හැඳුනුම්පතද ඉල්ලාගෙන ඔහු පැනගොස් තිබේ.
දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් බිම ඇද වැටී සිටි ගුරුවරිය හෝටල් හිමියා ඊයේ පාන්දර දැක ඇති අතර ඇය රොහල් ගතකර තිබේ.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න, තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න යන අයගේ උපදෙස් මත තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.වයි. කුඩාගොඩගේ මූලිකත්වයෙන් ළමා හා කාන්තා කර්යාංශයේ පොලිස් නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.