brand logo
logo
ඉන්දියාව සහ මෙක්සිකෝව වෙළෙඳ ගිවිසුමකට සැරසෙයි

ඉන්දියාව සහ මෙක්සිකෝව වෙළෙඳ ගිවිසුමකට සැරසෙයි

31 October 2026


වෙළෙඳ ගිවිසුමකට එළැඹීම සඳහා වන සාකච්ඡාවල රාමුව හෙවත් කොන්දේසි මාලාවට ඉන්දියාව සහ මෙක්සිකෝව අත්සන් කර තිබේ.


දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වෙළෙඳ ගිවිසුමකට එළඹීමට නියමිතය.


ඉන්දියානු වාණිජ ලේකම් රාජේෂ් අග්‍රවාල්ගේ මෙක්සිකෝ නිල සංචාරය අතරතුරදී, ඔහු සහ මෙක්සිකෝවේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරය විසින් ඉදිරි සාකච්ඡා සඳහා වන මෙම කොන්දේසි මාලාවට අත්සන් තබා ඇත.


මෙම පියවර මගින් 2025 ජූනි මස කැනඩාවේ පැවැති G7 රාජ්‍ය නායක සමුළුව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මෙක්සිකානු ජනාධිපති අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම වෙනුවෙන් ඇතිවූ එකඟතාව තවදුරටත් ඉදිරියට ගෙන යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


යෝජිත ගිවිසුම මගින් භාණ්ඩ සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය, භාණ්ඩවල නිෂ්පාදිත රට පිළිබඳ රීති, රේගු පටිපාටි, වෙළෙඳ පහසුකම් සැලසීම, වෙළෙඳ ආරවුල් විසඳීම, සෞඛ්‍යාරක්ෂක හා ශාක සෞඛ්‍යාරක්ෂක පියවර, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධා සහ වෙළෙඳ පිළියම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් ආවරණය කිරීමට නියමිතය.


ඉන්දීය අපනයනකරුවන්ට සහ ආයෝජකයින්ට මෙක්සිකෝව ඉතා වැදගත් වෙළෙඳපොළක් බව පෙන්වා දෙන ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුව, දෙරටේම අරමුණ "දෙපාර්ශ්වයටම වාසිදායක මෙන්ම සමබර වරණීය වෙළෙඳ ගිවිසුමක්" ගොඩනැගීම බව ප්‍රකාශ කරයි.

 

 

More News..