brand logo
logo
වී කිලෝවක නිෂ්පාදන පිරිවැය කෘෂි ඇමති හෙළි කරයි

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය කෘෂි ඇමති හෙළි කරයි

29 July 2026

යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.


අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව මෙම නවතම පිරිවැය වාර්තාව සකස් කර ඇත. 


ඒ් අනුව රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76කි. 


සුදු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 87ක් වන අතර සම්බා වී කිලෝවක් සඳහා වන නිෂ්පාදන පිරිවැය රුපියල් 97ක් බව අදාළ වාර්තාවේ දැක්වේ. 


එමෙන්ම කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 119ක් බව අදාළ වාර්තාවේ සඳහන්ය. 

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමකට අනුව, වී කිලෝවක පිරිවැයට සීයයට තිහක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවය. 


රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධායක් ද ලබාදී තිබේ. 


එය ද ඇතුළත් කර මෙම පිරිවැය ගණන කර ඇති බව සඳහන්ය. 


තවමත් අර්තාපල්, ලොකු ලූණු, පාන් පිටි, හාල් සහ බාස්මතී වැනි විශාල ආහාර ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුව ඇති බව ද කේ.ඩී ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



 

More News..