Best News Website award
brand logo
logo
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

14 November 2026


කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.


ඒ අනුව, බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


මෙම ජල කප්පාදුවට පෑලියගොඩ, වත්තල - මාබෝල, ජාඇල සහ කටුනායක - සීදූව නගර සභා බලප්‍රදේශ ඇතුළත්ය.


ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල කොටසකටද ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

More News..