දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් එළියට
15 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් එළියට
15 September 2026
දෙහිවලදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පිළිබඳව වැදගත් තොරතුරු රැසක් පොලිසිය මේවන විට අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවසීය.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඉකුත් 11වැනිදා අලුයම එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියාගේ පාදයකට බරපතළ තුවාල සිදු විය.
අනතුරුව ඔහුගේ පාදයක් ඉවත්කිරීමට කටයුතු කළ අතර මියගිය දරුවන් දෙදෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු ඊයේ (14) පස්වරුවේ සිදු කළේය.
සිද්ධිය පිළිබඳ විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ආරම්භ කෙරිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි ත්‍රීරෝද රථය වර්ණ වෙනස් කිරීම සඳහා ගරාජයකට ලබාදුන්නේ යැයි සැකකරන පුද්ගලයෙකු සහ එම ගරාජයේ හිමිකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ප්‍රහාරය මෙහෙයවූ බව කියන කොස්මල්ලිගේ හා බෝදියාවත්තේ අවිශ්ක නම් අපරාධකරුවන්ගෙන් උපදෙස්මත ඔවුන් මෙම ක්‍රියාව සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත.
මේ අතර බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන කොස්මල්ලි නැමැත්තාගේ මාමා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේවන විටත් විමර්ශන සිදු කරයි.
ඔහු පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේවනවිටත් අනාවරණ වී ඇති බව පොලිසිය පැවසීය.
එමෙන්ම සැකකරු පැමිණි ත්‍රිරෝද රථය පැදවූ බව කියන පුද්ගලයා පිළිබඳව ද මේවනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබේ.
ඔහු කළුබෝවිල සරණංකර පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය සඳහන් කර සිටී.
මේ අතර බෝදියාවත්තේ, අවිශ්ක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන පුද්ගලයා අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්යා බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
කළුබෝවිල ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු වතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 504ක්, විද්‍යුත් තරාදියක්, රබර් සීල් 2ක් සහ ජංගම දුරකථන 2ක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

