roadBlockAd
brand logo
logo
අභ්‍යවකාශයට ගිය කාන්තාවන් 6දෙනා යළි පෘථිවියට

අභ්‍යවකාශයට ගිය කාන්තාවන් 6දෙනා යළි පෘථිවියට

15 April 2025

ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය.


ඇමරිකන් බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් බ්ලූ ඔරිජින් සමාගමේ ගගන සංචාර වැඩසටහන යටතේ, කාන්තාවෝ 6 දෙනෙක් අභ්‍යවකාශයට ගොස් නිරුපද්‍රිතව ආපසු පැමිණියහ.


මෙම අභ්‍යාවකාශ සංචාරයට පොප් ගායිකා කේටි පෙරීට අමතරව රොකට්ටුව හිමි ජෙෆ් බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක් එක්ව තිබේ.


බ්ලූ ඔරිජින් ගගන සංචාර ආරම්භ කර ඇත්තේ, අතමිට සරුනම්, ගගන කැප්සියුලයක ආධාරයෙන් පෘථිවි කර්මන් රේඛාව (karman line) අභිබවා යෑම සහ පසුව පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය යළි පොළොවට රැගෙන ඒමය. කර්මන් රේඛාව යනු අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය පිහිටා ඇත්තේ කිලෝමීටර් 100 (සැතපුම් 62) කට වඩා ඉහළිනි.


සිය ඓහිතාසික ගමන නිමා කරමින් පොප් ගායිකා පෙරී පවසා සිටියේ "පෘථිවිය හරිම නිහඬව පෙනුණා" යනුවෙනි.

 

More News..