තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා දිවයිනට
21 November 2026
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා දිවයිනට
21 November 2026
නිල සංචාරයක් සඳහා තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් පුආන්ග්කෙට්කියෝ මහතා දිවයිනට පැමිණ තිබේ.
දිවයිනට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
නොවැම්බර් 20 වැනිදා සිට 23 වැනිදා දක්වා ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.
තායිලන්ත රජු මහා වජිරාලොන්ග්කෝර්න්ගේ රාජකීය නියෝජිතයා ලෙස මෙරටට පැමිණ සිටින නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද මහනුවර අස්ගිරි මහා විහාරයේදී පැවැත්වෙන රාජකීය කඨින පින්කමට සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට ද නියමිතය.
එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
දෙරට අතර සංචාර පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.


