brand logo
logo
කොළඹ ආහාරවල ගුණාත්මක තත්ත්වය ගැන පැමිණිලි කරන්න QR කේතයක්

කොළඹ ආහාරවල ගුණාත්මක තත්ත්වය ගැන පැමිණිලි කරන්න QR කේතයක්

05 November 2026

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට එම සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.


ඒ අනුව මෙම ව්‍යාපෘතිය මේ වනවිට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය. 


මෙය කොළඹ 01 සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය.


මෙම බලප්‍රදේශයේ ඇති සෑම අවන්හලකම අදාළ QR කේතය ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා අතර එම පද්ධතිය ස්කෑන් කර එහි ඇති පෝරමය පුරවා පැමිණිලි කළ හැකි වේ.


එය ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් වෙත ලැබෙනු ඇත.

ඔවුන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ඇති බවත් එහිදී පැමිණිලිකරුගේ අනන්‍යතාව ආරක්ෂාව අනාවරණ නොවන බවත් කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.


පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ආහාර අවන්හලට භාර නොදෙන ලෙසත් බිල ද සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් එම නගර සභාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

More News..