brand logo
logo
 පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

17 October 2026


සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් සහ බදුල්ල දිස්ත්‍රික්කයටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.


ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම හෙට (18) පෙරවරු 06.00 දක්වා වලංගු වන ඇත.


ඔක්තෝබර් 17 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ ඉහළම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලිමලේ ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එම අගය මිලිමීටර් 157.0කි.


ශ්‍රී පලාබද්ද ප්‍රදේශයට මිලිමීටර් 144ක්, කුඩාව ප්‍රදේශයට මිලිමීටර් 86.5ක් සහ ලක්සකන්ද ප්‍රදේශයට මිලිමීටර් 86.5ක් වර්ෂපාතනයක් ද වාර්තාවී ඇති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. 

 

More News..