brand logo
චන්දික හතුරුසිංහට ලැබුනු තනතුර

චන්දික හතුරුසිංහට ලැබුනු තනතුර

2 months ago

Share on

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර තිබේ.


හතුරුසිංහ 2014 සිට 2017 දක්වා ද එරට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය.


පසුව හතුරුසිංහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහායක පුහුණුකරු ලෙස එක්විය.


ඔහු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ හතුරුසිංහ එම තනතුරෙන් ඉවත්වූ බවය.  


බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ රසල් ඩොමින්ගෝ පසුගියදා ඉල්ලා අස්විය.

You may also like