නොවැම්බර් 30 සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනයට
28 November 2026
නොවැම්බර් 30 සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනයට
28 November 2026
ලබන නොවැම්බර් 30 වැනිදා දිවයිනේ සියලුම දුම්රියන් සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
2027 අයවැය මගින් ප්‍රමාණවත් දීමනා ලබා නොදීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.


