2019 - 2024 කාලය තුළ අධිවේගී මාර්ග ආදායමෙන් අහිමි වූ මුදල මෙන්න
25 September 2026
2019 - 2024 කාලය තුළ අධිවේගී මාර්ග ආදායමෙන් අහිමි වූ මුදල මෙන්න
25 September 2026
2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එම කාලය තුළ ප්‍රවේශ ටිකට්පත් මිලියන 133.8කට අධික සංඛ්‍යාවක් නිකුත් කර තිබුණද, වාහන මිලියන 18.2කට අධික සංඛ්‍යාවක් සඳහා පිටවීමේ ටිකට්පත් නිකුත් කර නොතිබූ බව විගණනයේදී අනාවරණය වී ඇත.
ඒ අනුව දෛනිකව අධිවේගී මාර්ග ආදායමෙන් අහිමිවූ මුදල රුපියල් මිලියනයකට ආසන්න බවද එම වාර්තාව පෙන්වා දෙයි.
මෙම විගණනයට අනුව විවිධ උපක්‍රම භාවිත කර අධිවේගී මාර්ග ආදායම් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හා වංචා සිදුකර තිබුණද, ඊට වගකිව යුතු මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුනාගෙන විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අධිවේගී මාර්ග කළමනාකරණය කටයුතු කර නොමැත.
ඉහළ සඳහන් කාලය තුළ ප්‍රවේශ කවුළුවේ සේවය කළ අයකැමිවරුන් විසින් වාහන වර්ගය වෙනස් කරමින් ටිකට්පත් 241,964ක් නිකුත් කර ඇති බවද විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
අයකැමියන්ගේ අභිමතය පරිදි හෝ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන එවැනි වාහන වර්ග වෙනස්කම් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම හේතුවෙන්, 2019 වසරේ සිට එවැනි දෝෂ වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන 611,374ක ණය ලබාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන්ව ඇත.
අධිවේගී මාර්ගවල සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 3,560.62ක් ලෙස ගණනය කර ඇති අතර, ඒ අනුව පොලී ගෙවීම් නොසලකා ණය මුදල පමණක් ගෙවීමට වසර 171කට වැඩි කාලයක් ගතවන බව විගණනයේදී නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායමෙන් ණය සහ පොලී ගෙවීම් ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

