රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාර මාලාවක්-8ක් මරුට
20 November 2026
රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාර මාලාවක්-8ක් මරුට
20 November 2026
රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් ඇතුළු නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර, කියෙව් නුවර පාලම් කිහිපයකට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු රුසියාව යුක්‍රේනයට එල්ල කළ දැවැන්තම ප්‍රහාර මාලාවලින් එකක් ලෙස මෙය සැලකේ.
උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ක්‍රිමියානු පාලමකට යුක්‍රේනය විසින් ප්‍රහාරයක් එල්ල කර හානි සිදු කිරීමෙන් දින කිහිපයකට පසුව රුසියාව මෙම ප්‍රහාර මාලාව දියත් කිරීම විශේෂත්වයකි.


