Best News Website award
brand logo
logo
තඹුත්තේගමදී රිවෝල්වරයක් සහ ජීව පතරොම් දමා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට

තඹුත්තේගමදී රිවෝල්වරයක් සහ ජීව පතරොම් දමා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට

19 November 2026

රිවෝල්වර් අවියක් සහ ජීව පතොරොම් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය 14 වැනිදා උදෑසන තඹුත්තේගම - රාජාංගනය පාර 03 කණුව බස්නැවතුම්පොළ ආසන්නයේදී නිකවැරටිය කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු සැකකටයුතු යතුරු පැදියක් නවතා පරීක්ෂාවට ලක්කර ඇත.


එහිදී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් හා පතොරොම් 05ක් එම ස්ථානයේ දමා යතුරුපැදිකරු හා පසුපැදිකරු පලායාමේ සිද්ධියට අදාළව තඹුත්තේගම පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. 


ඒ අනුව ඊයේ (18) දින තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉහත සැකකාර යතුරුපැදිකරු හා පසුපැදිකරු පරසන්ගස්වැව හා රාජාංගනය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.


එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 26 හා 34 වයස්වල පසුවන ඉපලෝගම හා රාජාංගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. 


තඹුත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


 

More News..