බන්ධනාගාරයේ මෝර වාට්ටුවේ ෆෝන් කඩයක්
04 June 2025 | බිමල් ජයසිංහ - බණ්ඩාරගම
බන්ධනාගාරයේ මෝර වාට්ටුවේ ෆෝන් කඩයක්
04 June 2025 | බිමල් ජයසිංහ - බණ්ඩාරගම
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ (සිආර්පී) පෙරේදා (2 වැනිදා) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් එහි තිබු මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයාගෙන තිබේ.
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය සහ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එක්ව රාත්‍රි දහයට පමණ හදිසියේ මෙම වැටලීම කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාරයේ එච් වාට්ටුව නොහොත් මෝර වාට්ටුව වශයෙන් හදුන්වන කොටසේ වැටලීම සිදුකර තිබුණු අතර එහි රැඳවියෝ 50 ක් පමණ රඳවා සිටිති.
මෙම වැටලීමේදී අයිස්, හෙරොයින් හා කොකෙන් මත්ද්‍රව්‍ය පැකට් විශාල ප්‍රමාණයක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් ඇතුළු ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් මෙන්ම, සාමාන්‍ය ජංගම දුරකථන 20 කට ආසන්න ප්‍රමාණයක්, දුරකථන ආරෝපණ 26 ක්, ජංගම දුරකථන බැටරි 15 ක්, දුම්කොළ 15 ක් හා මුදල් රුපියල් පහළොස් දහස් දෙසීය අසූවක් සොයාගෙන ඇතැයිද එම ආරංචිමාර්ග කියා සිටියි.
බුද්ධි අංශ නිලධාරීන් ස්කෑන් යන්ත්‍ර යොදා සිදුකළ පරික්ෂාවේදී එච් වාට්ටුවේ සිවිලිම, වැසිකිළිය ඇතුළු ස්ථාන ගණනාවක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබියදී මෙම තහනම් භාණ්ඩ සොයාගෙන තිබිණි.
මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම් ආදී නීති විරෝධී ක්‍රියාවන් බන්ධනාගාරය තුළදී සිදුකර ඇතැයි සැකකරන අතර වැඩිදුර පරීක්ෂණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකර සිටිති.