brand logo
logo
කාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

13 September 2026

අද (13) පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමි විය.


ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.


තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතය.


තරගාවලිය පුරා අපරාජිත වාර්තාවක් තබා ගනිමින් කණ්ඩායම් දෙකම අවසන් තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

තරගාවලියේ මූලික වටයේ 'බී' කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශය, සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

ඉන් අනතුරුව පැවැති අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය පරාජය කරමින් ඔවුහු අවසන් මහා තරගයට පිවිසියහ.

 

More News..