brand logo
logo
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළට පස් කන්දක්  කඩා වැටේ

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළට පස් කන්දක් කඩා වැටේ

26 October 2026 | සිතාර ඉරාෂ් - වටවල


හැටන් ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළේ ගමන් වාරය පැමණෙන තෙක් ගාල් කර තිබූ පෞද්ගලික බස් රථ දෙකක් මතට බස් නැවතුම්පොළ ආසන්නයේ තිබු පස් කන්දක් කඩා වැටී ඇත.


අද (26) දින පස්වරු 3:30ට පමණ බස් රථ දෙක පිටුපසට පස් කන්ද කඩා වැටුණු බවත්, ඉන් බස් රථ දෙකට අලාභ හානි සිදු වී ඇති බවයි හැටන් බස් නැවතුම්පොළේ සේවකයින් කියා සිටියේ.


පස් කන්ද කඩා වැටීමත් සමග ඒ ආසන්නයේ තිබූ අනෙකුත් බස් රථ ඉවත්කිරිමට පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන් පියවර ගෙන ඇත.


 

More News..