ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
11 January 2025
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
11 January 2025
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිවාරාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයටද කිසිදු වෙනස්කමක් නොමැතිව ක්‍රීඩාකරනු ලබයි.
කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර ඇත.
ඒ අනුව ජාකොබ් ඩෆී වෙනුවට මයිකල් බ්‍රැස්වෙල් කැඳවා ඇත.
මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් දැනටමත් තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටියි.