දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
28 November 2026
දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
28 November 2026
දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (28) පස්වරු 4.00 සිට හෙට (29) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බව එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න හා හඟුරන්කෙත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇත.
මීට අමතරව පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්රික්කය
හල්දුම්මුල්ල
පස්සර
කළුතර දිස්ත්රික්කය
පාලින්දනුවර
බුලත්සිංහල
මහනුවර දිස්ත්රික්කය
යටිනුවර
තුම්පනේ
හතරලියද්ද
උඩපළාත
ගඟ ඉහළ කෝරළය
දොළුව
උඩුනුවර
උඩුදුම්බර
කෑගල්ල දිස්ත්රික්කය
අරණායක
රුවන්වැල්ල
දෙහිඕවිට
මාවනැල්ල
බුලත්කොහුපිටිය
කෑගල්ල
ගලිගමුව
යටියන්තොට
රඹුක්කන
මාතලේ දිස්ත්රික්කය
රත්තොට
නුවරඑළිය දිස්ත්රික්කය
කොත්මලේ නැගෙනහිර
කොත්මලේ බටහිර
අඹගමුව කෝරළය
තලවකැලේ
වලපනේ
නිල්දණ්ඩාහින්න
හඟුරන්කෙත
රත්නපුර දිස්ත්රික්කය
කුරුවිට
කිරිඇල්ල
අදාළ ප්රදේශවල ජනතාව පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, නායයෑම් ඇතුළු අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.


