brand logo
logo
නව හැඳුනුම්පත් මුද්‍රණයට කාඩ්පත් මිලියන 5ක්

නව හැඳුනුම්පත් මුද්‍රණයට කාඩ්පත් මිලියන 5ක්

22 September 2026


ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මෙම කාඩ්පත් මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට 2025 අප්‍රේල් 07 වන දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම යටතේ ඉදිරිපත් වූ ලංසු 08ක් පරීක්ෂා කර ඇගයීමට ලක් කෙරිණි.


එම උසස් මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන්ට අනුව, සියලු කොන්දේසි සපුරාලූ ලංසුකරු වන ජර්මනියේ Muhlbauer ID Services GmbH ආයතනය වෙත යුරෝ මිලියන 4.93ක මුදලකට මෙම කාඩ්පත් මිලියන 05 මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.


ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


 

More News..