brand logo
logo
ගුවන් අනතුරකින් තවත් දේශපාලන නායකයෙක් ජීවිතක්ෂයට

ගුවන් අනතුරකින් තවත් දේශපාලන නායකයෙක් ජීවිතක්ෂයට

11 June 2024

ගුවන් අනතුරක් හේතුවෙන් මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ජීවිතක්ෂයට පත්ව තිබේ.


අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ සිට ඇත. අනතුරට පත් වූයේ මලාවි හමුදාවට අයත් ගුවන් යානයකි.


51 හැවිරිදි උප ජනාධිපති චිලිමා සහ පිරිස රැගත් එම යානය, මලාවි රාජ්‍යයේ ලිලොංග්වේ අගනුවරින් පිටත් වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යෑමටය.


කෙසේ නමුත් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවෙද්දී, යානය රේඩර්වලින් තිරයෙන් අතුරුදන් විය. එසැණින් යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා පැවැසීය.


මලාවි ජනාධිපති ලසරස් චක්වේරා බහාමාස් සංචාරයකට සූදානම් වී සිටි නමුත් උප ජනාධිපතිවරයාට සිදුවුණු අකරතැබ්බ හේතුවෙන් එම ගමන අවලංගු කළ බව ද පැවසිණි.


යානය අනතුරට පත්වූයේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ ගැන විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් මලාවි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


යානයේ සුන්බුන් හමුවී ඇත්තේ වනාන්තර ප්‍රදේශයෙනි.

ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, මලාවි උප ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ හමුදා ගුවන් යානයකින් නොව හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි.

 

More News..