brand logo
logo
දිවයිනේ ප්‍රධාන ජලාශ 74හි ජල ධාරිතාව 34% දක්වා පහළට

දිවයිනේ ප්‍රධාන ජලාශ 74හි ජල ධාරිතාව 34% දක්වා පහළට

08 September 2026

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව පවතින්නේ 34% ක පමණ පහළ මට්ටමක පවතින බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා පවසයි.


පසුගිය පැය 24 සහ 48ක කාලය තුළ බස්නාහිර, වයඹ, සබරගමුව පළාත් සහ මාතර, ගාල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර, මඩකලපුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබී ඇති බව ඒ් මහතා පවසයි.


ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනයේ යම් වැඩිවීමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 40ක පමණ අගයක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.


මීට අමතරව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට මිලිමීටර් 25ත් 30ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබේ.


වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, විශේෂයෙන් මාදුරුඔය සහ ඒ් අවට තෙත් කලාපීය ප්‍රදේශවලට පසුගිය දිනවල මිලිමීටර් 100ක පමණ තද වැසි ලැබී ඇත.


කෙසේ වෙතත්, මෙම වර්ෂාපතනයත් සමඟ ප්‍රධාන ගංගාවල ජල මට්ටම්වල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී නොමැති අතර ජලාශවල ජල මට්ටම්වලද විශාල වර්ධනයක් සිදු වී නොමැත.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනවලට අනුව අද දිනයේදීද ඌව සහ නැගෙනහිර පළාත්වලට වර්ෂාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


එසේම ඉදිරි මහ කන්නය සඳහා ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..