බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක් - ඩී.වී.චානක
09 April 2026
බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක් - ඩී.වී.චානක
09 April 2026
බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් බිලියන 100ක පමණ පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා අණාවරණය කළේය.
ඔහු පවසන්නේ නෙරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමෙන් පසු මෙවැනි විශාල පාඩුවක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවය.
හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

