බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
23 July 2026
බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
23 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර තිබේ.
එහිදී, එම යාත්‍රාව තුල උර විස්සක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 735කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 29 සහ 32 යන වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

