brand logo
logo
ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර ලක්ෂ 3ක් ඉදිරි මාස තුන ඇතුළත

ප්‍රමාද වී ඇති රියැදුරු බලපත්‍ර ලක්ෂ 3ක් ඉදිරි මාස තුන ඇතුළත

17 October 2025

ප්‍රමාද වී ඇති ලක්ෂ 3කට අධික රියැදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීහූ ප්‍රකාශ කළහ.


එමෙන්ම ආරක්ෂිත විශේෂාංග හතකින් යුත් නව රියැදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බව ද එම නිලධාරීහු සඳහන් කළහ.


එම නිලධාරීන් මේ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ පසුගිය දා පැවැති එම අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේ දී ය.


රියැදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපති, ඇමැති බිමල් රත්නායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


දුම්රිය මාර්ගවලදී අලි ඇතුන්ට සිදුවන අනතුරු අවමකර ගැනීමේ නියමු වැඩසටහනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති සභාපතිවරයා මඩකලපුව මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා රුපියල් මිලියන 2.8 ක මුදලක් වැය කරමින් දුර පෙනෙන තාක්ෂණය සහිත කැමරා සවි කිරීමට කටයුතු කරන බව පවසා ඇත. ඒ ඔස්සේ වන අලි දුම්රියේ ගැටීම් අවම කරගැනීමට පවතින අවස්ථාව පිළිබඳව නිරීක්ෂණය කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

More News..