ගෑස් මිල ඉහළ යෑමත් සමඟ කෑම මිලත් ඉහළට
06 April 2026
ගෑස් මිල ඉහළ යෑමත් සමඟ කෑම මිලත් ඉහළට
06 April 2026
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන ආහාර කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙනි.
ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් සහ වෑංජන (Rice & Curry) මිල රුපියල් 20කින් ඉහළ දැමෙන බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, වෙළෙඳපොළේ පොල්තෙල් මිල පහත වැටීම හේතුවෙන් පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබා දෙමින්, කෙටි කෑම (Short Eats) වර්ගවල මිල රුපියල් 10කින් අඩු කිරීමට ද පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

