දිස්ත්‍රික්ක රැසක වායු මට්ටම අහිතකරයි
20 November 2026 | සාලිය කුමාර ගුණසේකර
දිස්ත්‍රික්ක රැසක වායු මට්ටම අහිතකරයි
20 November 2026 | සාලිය කුමාර ගුණසේකර
ශ්‍රී ලංකාවට බැහැරින් හමා එන සුළං ධාරාවන්ගේ බලපෑම හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක රැසක වායු තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක පවතින බව IQ Air වෙබ් අඩවිය සඳහන් කරයි.
එම වෙබ් අඩවියේ දත්තවලට අනුව යාපනය දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශක අගය 167ක් දක්වා, පුත්තලම දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශක අගය 157ක් දක්වා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශක අගය 153ක් දක්වා ඊයේ (19 වැනිදා) ඉහළ ගොස් තිබිණි. තවද බත්තරමුල්ල ප්‍රදේශය ආශ්රිත වායු තත්ත්ව දර්ශක අගය 152ක් ලෙස වාර්තා විය.
එමෙන්ම තවත් ප්‍රදේශ රැසක වායු තත්ත්ව දර්ශක අගය පැවැතියේද සංවේදී පුද්ගලයන්ට අහිතකර මට්ටමකය. ඒ අනුව පොලොන්නරුව, ගම්පහ, කුරුණෑගල, මොනරාගල, රත්නපුර, අම්බලන්ගොඩ, ගාල්ල, තංගල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය සංවේදී පුද්ගලයන්ට අහිතකර මට්ටමක පවතින බව IQ Air වෙබ් අඩවිය සඳහන් කරයි. මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ (19 වැනිදා) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත්තේ යාපනය, කිලිනොච්චි, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක වලත් අනුරාධපුර, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ, මහනුවර සහ අම්පාර ආශ්රිත ප්‍රදේශවලත් වාතයේ අවලම්බිත ක්ෂුද්‍ර අංශුවල (PM 2.5, PM 10) ඉහළ යෑමක් වාර්තා වන බවයි.
එමනිසා සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් N95 වැනි මුඛ ආවරණ භාවිත කරන ලෙස එම පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියේය.


