සමන් දේවාල කපුමහතුන්ට රජයෙන් ප්‍රතිචාර
06 January 2025
සමන් දේවාල කපුමහතුන්ට රජයෙන් ප්‍රතිචාර
06 January 2025
සබරගමුව මහා සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීමට පියවර ගනු ලැබුවේ අදාළ පනත ප්‍රකාරව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසයි.
එම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් සිදුකළ පත්කිරීමට එහි කපු මහතුන් ඇතුළු රාජකාරී මණ්ඩලයෙන් ඊයේ එල්ල වූ විරෝධයට ප්‍රතිචාර දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මේ බව අද (06) ප්‍රකාශ කළේය.
සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතුන් ප්‍රමුඛ රාජකාරී මණ්ඩලය දේවාලයේ තේවා ඇතුළු රාජකාරී කටයුතුවලින් ඊයේ ඉවත් වුණි.
ඒ අනුව, අද දිනයේදීත් සබරගමුව මහා සමන් දේවාලය වසාදමා තිබෙන ආකාරය දක්නට ලැබුණි.
ශ්‍රී පාද වන්දනා සමය පසුගිය උඋඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වූ අතර ශ්‍රීපාදය වන්දනා කරන බැතිමතුන් සබරගමුව මහා සමන් දේවාලය වෙත පැමිණ ආශිර්වාද ලබාගැනීමද සිදුකරනු ලබයි.