brand logo
logo
Nvidia ප්‍රධාන විධායක නිලධාරියාගේ අනියම් සබඳතාවක් -අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ස්වාධීන විමර්ශනයක්

Nvidia ප්‍රධාන විධායක නිලධාරියාගේ අනියම් සබඳතාවක් -අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ස්වාධීන විමර්ශනයක්

09 November 2026


තාක්ෂණික දැවැන්තයකු වන " Nvidia" සමාගම විසින්, එහි ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang සහ චීන ඔත්තුකාරියක යැයි සැක කාන්තාවක් අතර පැවති සබඳතාවක් පිළිබඳ වාර්තා වීමත් සමඟ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර තිබේ.


ලොව වටිනාම සමාගම් අතර වන එන්වීඩියා සමාගම ප්‍රකාශ කළේ, සමාගමේ රහස් හෝ ජාතික ආරක්ෂාව අනතුරට ලක් වූ බවට විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ප්‍රධාන විධායක නිලධාරියා සමාගම ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවත්ය.


මේ අතර, වරද පිළිගත් ජෙන්සන් හුආං, සිය බිරිඳට සහ තම දරුවන්ට සිදු වූ වේදනාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.


විදෙස් මාධ්‍යයට අනුව, ජෙන්සන් හුආං සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුආං (Alice Huang) බීජිං රජය වෙනුවෙන් ඔත්තු බලන්නියක බව එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් විශ්වාස කර ඇත.


තමා කළ දෙය සම්බන්ධයෙන් "සම්පූර්ණ වගකීම" භාර ගන්නා බව පැවසූ ජෙන්සන් හුආං, එන්වීඩියා හි සේවකයින්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොටස් හිමියන් වෙත තමාට ඇති වගකීම්වලින් තමා අපේක්ෂිත මට්ටමට ළඟා වී නොමැති බව වැඩිදුරටත් සඳහන් කළේය.


එන්වීඩියා යනු ලොව විශාලතම සමාගම් වලින් එකක් වන අතර, නැගී එන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. ජෙන්සන් හුආං වසර 30කට වැඩි කාලයක් තිස්සේ මෙම සමාගම මෙහෙයවමින් සිටියි.


ඔහුගේ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේ සඳහන් විය: "පුවත්පත් වාර්තා මගින් මතු කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන්, එන්වීඩියා හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මම මෙම විමර්ශනයට සහයෝගය දක්වන අතර සම්පූර්ණයෙන් සහභාගී වනවා."

"මම අපේ රටට සහ අපේ සමාගමට ආදරෙයි. එන්වීඩියා ආරක්ෂා කිරීමට සහ අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට සහයෝගී වීමට මම කැපවී සිටිනවා. අමෙරිකානුවෙකු වීම ගැන මම ආඩම්බර වන අතර කෘතඥ වෙනවා." යනුවෙනි.

මේ අතර, එන්වීඩියා අධ්‍යක්ෂ මණ්ඩලය නිකුත් කළ වෙනත් නිවේදනයක දැක්වුණේ, නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුආං විදේශීය බුද්ධි මෙහෙයුමක ඉලක්කයක් වී ඇති බවට මෑතකදී පළ වූ වාර්තා හමුවේ ඔවුන් විමර්ශනයක් ආරම්භ කරන බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, විමර්ශනය පිළිබඳ පුවත මතු වීමෙන් පසු තමා එන්වීඩියා ප්‍රධානියා සමඟ කතා නොකළ බවයි.

"ඔහු දක්ෂයෙකු බව මම දන්නවා, නමුත් සිදුවන්නේ කුමක්දැයි අපට කිසිදා කිව නොහැකියි" යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පවසමින්, ඔහු "අපේ රට වෙනුවෙන් අපූරු මෙහෙවරක් කර ඇති" බවද සඳහන් කළේය.

 

More News..