ගුරුවරු 9000කට ස්ථාන මාරුවීම්
27 October 2024 | නිලන්ත මදුරාවල
ගුරුවරු 9000කට ස්ථාන මාරුවීම්
27 October 2024 | නිලන්ත මදුරාවල
එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු නවදහසක් ලබන වසරේ සිට ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ස්ථාන මාරු නිර්දේශ වූ නමුත් දේශපාලන බලපෑම් මත පසුගිය වසර දක්වා අත්හිටුවා තිබූ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල සියලු ගුරුවරුද මෙවර අනිවාර්යයෙන්ම වෙනත් පාසල්වලට මාරු කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
විශේෂයෙන් පසුගිය වසරේ හා පෙර වසරේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල එවැනි ගුරුවරුන්ගේ ස්ථාන මාරු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීප නිලධාරියකුගේ මැදිහත් වීමෙන් අත්හිටුවීමට අමාත්‍යාංශයට සිදු විය. එලෙස අත්හිටුවා සිටි ගුරුවරුන්ගේ ස්ථාන මාරුවලට අදාළ තොරතුරු මේ වන විට රැස් කරගෙන තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.
සියලු ස්ථාන මාරු ක්‍රියාත්මක කරන්නේ ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත වන අතර එලෙස තීරණය කෙරෙන ස්ථාන මාරු මෙවර කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය කාලවලදී ස්ථාන මාරු ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් පිට පළාත් ගුරුවරුන්ට නගරාශ්‍රිත පාසල්වලට පැමීණීමට බාධා එල්ල විය.