දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
09 July 2026
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
09 July 2026
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඉටු කිරීමට අවස්ථාව ලැබෙන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (09) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක් වෙමිනි.
මහජන සේවා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සැපයීම සඳහා අදාළ පාර්ශ්ව අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමත්, දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු සාකච්ඡා කර, ඊට අදාළ විසඳුම් ලබා ගනිමින් දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ අරමුණයි.

